Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගංවතුරෙන් විපතට පත් උතුරු මැද  ජනතාවට තවදුරටත් නාවික හමුදා සහාය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය දිනවල උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අඩාල වූ ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට උරදෙමින් සිටින නාවික හමුදාව පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා ගංවතුර හේතුවෙන් අපිරිසිදු වී තිබු පානීය ජල ළිං පිරිසිදු කිරීමට සහ නාවික හමුදා ජංගම ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර මඟින් පිරිසිදු ජලය බෙදාහැරිමට කටයුතු කරමින් සිටී.

ඒ අනුව, මේවන විට ගංවතුර හේතුවෙන් අපිරිසිදුව තිබූ ජල ළිං 11 ක් පිරිසිදු කර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට මෙන්ම ජංගම ප්‍රති ආශ්‍රැති යන්ත්‍ර මඟින් පානීය ජල ලිටර් 4500 කට අධික ප්‍රමාණයක් ජනතාව වෙත බෙදාහැරිමට කටයුතු කර ඇත. එමෙන්ම ජනතාවගේ ජන ජිවිතය ගොඩනැංවිම පිණිස නාවික හමුදාව නිරන්තරයෙන් සිය දායකත්වය සැපයිමට කටයුතු කරනු ලබයි.

Scroll to Top