Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අසිරිමත් නත්තල උදා වෙයි – ප්‍රධාන දේවමෙහෙය කටුවාපිටිය දෙව්මැදුරේදී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලොව පුරා කිතුනු බැතිමතුන්ට නත්තල දිනය උදා වීම අද (25) සිදු විය.

ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව මීට වසර 2019 කට පෙර ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

දෙවියන් වහන්සේගේ සුභාරංචිය ද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබන්නක්.

උන්වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ ඉවසීමේ අවබෝධය, ඉගැන්වීම්, මානව වර්ගයාගේ විමුක්තියට මගපෑදු බව කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයයි.

නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය  (24) මධ්‍යම රාත්‍රීයේදී පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ;

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සහභාගිත්වයෙන් පවත්වන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙනු ඇති.

උදා වූ නත්තල ලොවවාසි කිතුණුවන්ට අසිරිමත් නත්තලක් වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

Scroll to Top