උදාවන නත්තල හා නව වසර පිළිගැනීම සඳහා ඉඟුරු පාන් ගඩොල් 3689ක් යොදාගෙන පෝලන්ත ජාතිකයන් තිදෙනෙක් විසින් නිර්මාණය කළ විශේෂ නගරයක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නගරය නිර්මාණය කිරීම සඳහා පාන් මිශ්‍රණයෙන් කිලෝ එක්දහස් එකසීයක්, මීපැණි කිලෝ එකසිය පහක්, කුළුබඩු කිලෝ තිස් දෙකක්, බිත්තර 350ක් සහ සීනි කිලෝ 30ක් යොදාගෙන තිබෙනවා.
ඉදිකළ නිවාස, කුළුණු, සුළං මෝල වැනි අංගවලින් මෙම නගරය සමන්විතයි.එමෙන්ම ධාවනය වන දුම්රිය දෙකක්ද මෙම නගරයේ දක්නට ලැබෙනවා.
“ඉඟුරුපාන් විශ්මලන්තය” යනුවෙන් නගරයට නම්තබා ඇත.
පෙබරවාරි 28වන දා තෙක් ජනතාවට ප්‍රදර්ශනය කෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.