Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

යන්න හිතෙන රටක් නෙමෙයි ඉන්න හිතෙන රටක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ පස්සර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂයේ අය ඇහුවා කොහොමද වැට් බද්ද අඩු කරන්නේ කියලා.දැන් ඔය අඩු කරලා තියෙන්නේ .ජනතාව ඒවාගේ ප්‍රතිලාභ ක්‍රමයෙන් ලබමින් ඉන්නවා.තිබුණු පළවෙනි කැබිනට් රැස්වීමේදීම වැට් බද්ද අඩු කළා.

ඒ නිසා ව්‍යාපාරිකයින්ට සහන ලැබෙමින් තිබෙනවා.ගම්මිරිස් වල මිල ඉහළ ගියා වගේ ඉදිරියේදී තේ දලුවල මිලත් ඉහළ යනවා.ඉරානය ඇතුළු රටවල් කිහිපයක් සමග කථා කර ගෙන යනවා තේ අපනයනය කරන්න.

රබර් වල මිළත් ඉහළ දමනවා.අපි සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි.දැන් වසමකට ලක්ෂ 20  බැගින් ඇවිත් තිබෙනවා.

අපි මතක තබා ගත යුතුයි කොටියාගේ සෙවණැලි තවම ක්‍රියාත්මක වෙනවා.ඒවාටත් අපි රටක් ලෙස මුහුණ දිය යුතුයි.අපි සාමාන්‍ය පෙළ අසමත් අයට රැකියා ලබා දෙනවා වගේම සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් සියලු දෙනාටත් රැකියා ලබා දෙනවා.

දැන් අපිට මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම දියත් කරන්න බැහැ.මොකද අය වැය ලේඛණයෙන් වෙන් කරන්න ඕන.

ඒවා කරන්න වෙන්නේ ලබන මහා මැතිවරණයෙන් පසුවයි.අද රට හරි මගට යමින් තිබෙනවා.අල්ලස දුෂණය නැහැ. දෙමළ මුස්ලිම් ජනතාව ගිය සැරේ ඡන්දයේදී නොමග ගියා.නමුත් දැන් ඒ අය ඒක තේරුම් අර ගෙන තියෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සියලු දෙනාම මගේ රට වැසියන් ලෙස සළකනවා කියලා කිවුවා.

අපේ මැතිවරණ ව්‍යාපාරය තුළ මහා සංඝ රත්නය විශාල මෙහෙවරක් කළා.ඒක අපි අගය කරනවා.එක්සත් ජාතික පක්ෂයේ අය මහා සංඝ රත්නයට අගෞරව කළා.දැන් කියනවා වැරදි හදා ගන්නවා කියලා.

අපි ඒ අයට කියනවා රටට ජාතියට ආගමට ද්‍රෝහි වුන අයට දේශපාලන අනාගතයක් නැහැ.පාස්කු ප්‍රහාරය වගේ දේවල් මේ රටේ ආයේ වෙන්නේ නැහැ.රට  ආරක්ෂිත රටක් බවට පත් වෙලා තියෙනවා.

යන්න හිතෙන රටක් නෙමෙයි ඉන්න හිතෙන රටක් බවට අද රට පත් වෙලා තිබෙනවා.ඡන්දයේදී අපිට ක්‍රිස්තියානි ජනතාවත් විශාල ලෙස සහාය ලබා දුන්නා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Scroll to Top