Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සේවකයන්ට ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇමරිකාවේ මේරිලන්ඩ් හි දේපළ වෙළඳාම් සමාගමක්  වන St. John Properties දේපළ වෙළඳාම් සමාගම සේවකයින් සියලු දෙනා වෙනුවෙන් සමාගම ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් වෙන් කර තිබේ.

නත්තල් නිවාඩු සාදයේදී සමාගම මේ බෝනස් චෙක් පත් සේවකයන් අතට පත් කළේ ඔවුන් සන්තෝසයෙන් උමතු කරමිනි.

‘‘It was just amazing and incredible. I’m still in shock. It’s definitely life changing.”

‘‘ලියුම් කවරය විවෘත කළාම මට ඇස් අදහගන්න බැරි වුණා“

යැයි එම ආයතනයේ සේවකයෙක් කිවේය.

St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගමේ සේවක සංඛ්‍යාව 198 කි.

සීඑන්එන් පුවත් සේවයට හෙළිදරව් කළේ සිය සේවකයන්ට මේ අන්දමින් කෘතගුණ සැලකීමට හේතුව, වසර 14කට පසු ඔවුන් තමන්ගේ ඉලක්කයක් සපුරා ගැනීම බවයි.

කුඩාම බෝනස් මුදල වූ ඩොලර් 100 ලබා දී තිබුණේ ඊයේ පෙරේදා සේවයට බැඳුණු නවකයෙකු හට ය. විශාලම බෝනස් මුදල ඩොලර් 270,000 ක් විය.

සේවකයන් පැවසුවේ තමන් කිසිදු දිනෙක මෙවැනි කෘතගුණ දන්නා සමාගමක් හැර දමා යාමට සිහිනෙන්වත් නොසිතන බවයි.

Scroll to Top