හැටන් සහ මස්කෙලිය නගරයේ රජයේ අනුමත පාලන මිලට වඩා සහල් වැඩි මිලට අලෙවි කල වෙලදුන් සිව්දෙනෙකුට එරෙහිව හැටන් මහෙස්ත්රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කර ඇති බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසිය.
හැටන් සහ මස්කෙලිය යන නගර වල සහල් රජයේ අනුමත පාලන මිලට වඩා අලෙවි කරන බවට තමන් වෙත ලද පැමිණිලි කිහිපයක් මත නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමග එක් වි වැඩි මිලට සහල් අලෙවි කරන වෙලදුන් නිතියේ රැහැනට කොටු කර ගැනිමට මෙහෙයුමක් දියත් කල බවත්, එම මෙහෙයුමේදි මස්කෙලිය නගරයේ වෙලදුන් දෙදෙනෙකුට සහ හැටන් නගරයේ වෙලදුන් දෙදෙනෙකු නිතියේ රැහනට කොටු වු බවයි හැටන් පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.
මෙම වැටලිමේදි රජයේ අනුමත පාලන මිලට සහල් අලෙවි කරන ලෙසටත් අලෙවි කරන සහල් වල මිල ප්රදර්ශනය කරන ලෙසට හැටන් සහ මස්කෙලිය නගරවල සහල් අලෙවි කරන වෙලදුන්ට උපදෙස් දුන් බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ වැටලිමට සහභාගි වු නිලධාරින් උපදෙස් දි ඇත.