Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පේවිලා යා යුතු ශ්‍රි පාද වන්දනාවට මත්ද්‍රව්‍යය රැගෙන ගොස් වරද්ද ගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් දහ හතර දෙනෙක් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් සිදු කරන ලද විශේෂ සොදිසි මෙහෙයුමකදි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතාගේ උපදෙස් පරිදි ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන එන අය අත්අඩංගුවට ගැනිම සදහා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් සුනඛ අංශයේද ලුසි සුනඛයාගේද සහයෝගය ඇතිව දියත් කර තිබු සොදිසි මෙහෙයුමේදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වි ඇත.

හෙරොයින්, අයිස් , කේරල ගංජා සහ මදන මෝදක ගුලි සැකකරුවන් සන්තකයේ තිබි අත්අඩංගුවට ගැනිමට හැකි වු බවයි වැටලිම සිදු කල හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  වයස අවුරුදු 20-30 අතර වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, එම සැකකරුවන් කොළඹ , ගම්පහ , ගාල්ල , ඇල්පිටිය , අවිස්සාවේල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි  සොදිසි මෙහෙයුම දියත් කල පොලිස් නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

ශ්‍රි පාදය වන්දනා කිරිමට මේ වන විටත් හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

Scroll to Top