Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අදත් වරුෂාව – දෙසැම්බර් 25න් පසු වැසි අඩුවන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වය අද දිනගේදී තවදුරටත් පවතින අතර දෙසැම්බර්
මස 25 දින සිට තාවකාලිකව තරමක් දුරට අඩුවන ලකුණු පවතී.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ
ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි  හෝ
ගිගුරුම් සහිත වැසි ඇති  වේ.

උතුරු පළාතෙත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ ඉතා තද
වැසි ද මධ්‍යම පළාතෙත් අම්පාර, මඩකලපුව සහ අනුරාදපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තද
වැසි ද සබරගමුව පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ද බස්නාහිර පළාතේ සහ මාතර
දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු
විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට
අවශ්‍යය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාළගුණ දේපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටියි.

Scroll to Top