ගලේවෙල දඹුල්ල ප්රධාන මාර්ගයේ යටිගල්පොත්ත ප්රදේශයේදී වාහන හතක් එකිනෙකට ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර තිබේ.
එයින් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ප්රධාන මාර්ගයෙන් ඉවතට පැන ඒ පිළිබඳව පොලිසිය පැමිණ පරික්ෂා කරමින් සිටියදී නැවත වරක් මෝටර් රථයක් හා ටිපර් රථයක් ද නවතා තිබුණු වාහන වල ගැටී ඇත.
අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.