කැළිකසල වලින් තොර පිරිසිදු පරිසරයක් සහිත රටක් ගොඩනැගීම සඳහා ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සංකල්පය අනුව යමින් සියලුම ප්‍රවාහන මධ්‍යස්ථාන කැලිකසළවලින් තොර ස්ථාන බවට පත් කිරීම සඳහා ශ්‍රමදාන ව්‍යාපාර මගින් පිරිසිදු කිරීමේ වැඩ සටහනක් අරඹන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබිනි.
ඒ අනුව යමින් ජාතික ගමනාගමන කොමිසම විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් රථ නැවතුම් පොළේ පැවැත්විනි. ඒ සඳහා ජාතික ගමනාගමන කොමිසමට සම්බන්ධ නිලධාරින් හා සේවක සේවිකාවන් සහභාගි වී සිටියහ.
ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය හා ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරින්ට උපදෙස් දෙමින් කියා සිටියේ කොටුව දුම්රිය ස්ථානය මෙන්ම වෙනත් දුම්රිය ස්ථානවල ඇති වැසිකිළි හා කැසිකිළිද, බස්නැවතුම්පොළවල් ද ඉතාමත් අපවිත්‍ර අයුරින් පවත්වාගෙන යන බවට තමන්ට වාර්තා වී ඇති බවයි.
එමනිසා සියලු ප්‍රවාහන සේවා සපයන ආයතන හා මධ්‍යස්ථාන මහජන ආකර්ශනයට හා ඔවුන්ගේ තෘප්තිමත්භාවයට හේතුවන අයුරින් පවත්වාගෙන යාමට වග බලා ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ඒ අනුව අද දින මෙම පුද්ගලික බස් රථ නැවතුම් පොළ ස්ථානය කැලිකසලවලින් තොර ස්ථානයක් බවට පත් කිරීමේ ශ්‍රමදානය පැවැත්විනි.