කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද තද වැසි පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයින පුරා නැවතත් තද වැසි ඇති විය හැකි බවයි.
උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට මිලිමීටර 150 ඉක්මවන තරමේ තද වැසි අපේක්ෂා කළ හැකියි.
කඳුකර ප්‍රදේශවල නායයෑම් ඇති වීම, පහත් බිම් ජලයෙන් යටවීම සහ මාර්ග දෙපස ඇති ගස් ගැලවීම වැනි අවදානම් සහගත තත්ත්වයන් ඇති වීමේ වැඩි ඉඩක් පවතින බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දෙනවා.
අකුණු අනතුරු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.