අසිරිමත් නත්තල් දිනය තවත් දින කිහිපයකින් උදාවිමට නියමිත අතර අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නත්තල් දින සමරු උත්සවය අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා, මේක අලුත් නත්තලක්. අපි නත්තල වෙනුවෙන් බොහෝ දේ කරනවා. දර්ශනීය විදියට සැරසිලිවලින් අවට අලංකාර කරනවා. කැරොල් ගායනා කරනවා. අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපානන් මෑතකදි සඳහන් කළා වගේ.. නත්තල කියන්නේ ජේසුස් වහන්සේගේ පණිවුඩයයි. උන්වහන්සේගේ පරමාදර්ශී පණිවුඩ අපි කොහොම ද අපේ ජීවිතවලට එකතු කරගන්නේ යන්න අප සිතා බැලිය යුතු යැයි සඳහන් කළේය.
තවදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, “ශ්‍රී ලංකාවේ සහෝදර කතෝලික ප්‍රජාව මං හිතනවා.. බයිබලය හොඳින් කියවලා ඇති කියලා. මට මතක් වෙනවා එහි සඳහන් වන කතා දෙකක්. එකක් යහපත් එඞේරෙක්ගෙ කතාවක්. අනික අකීකරු පුත්‍රයෙකුගේ කතාව. යහපත් එඞේරා තමන්ගෙ බැටලු රංචුව තණබිම්වලට යවලා නැවත කැඳවාගෙන එනවා.
බැටළු රංචුවේ එක් බැටළුවෙක් නෑ කියල දැනගෙන බැටළු රංචුව එහෙමම නතර කරලා ආපහු නැතිවුණ බැටළුවා හොයාගෙන යන්න පටන් ගන්නවා. ඇයි මේ එක බැටළුවෙක් නැතිවුණාම අනෙක් බැටළුවො රංචුවම අතහැරලා එයාව හොයන්න යන්නේ.
මේ බැටලු රංචුව මම කියන දේ අහලා මම පිටිපස්සෙන් ආවා. නැතිවෙච්ච බැටලුවා අනාරක්ෂිතයි. ඌ වෘකයින්ගේ ආහාර බවට පත්වෙන්න ඉඩතියෙනවා. යහපත් එඞේරා හිතුවෙ ඒ විදියටයි. මෙයත් නත්තලේ පණිවුඩයක් බවට අපි පත්කරගත යුතුයි, යැයි ද පැවසීය.
දැන් අනාරක්ෂිත හැඟීමක් අපි කාටවත් නැහැ. අපි සියල්ලන්ම ආරක්ෂිතයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය විදියට අපි මේ නත්තල පදනම් කරගෙන අපි අපේ අකීකරු පුත්‍රයින් සොයාගෙන යමු.
අකීකරු පුත්‍රයින් අපේ ළඟට කැඳවමු. අපේ පවුලේ නෑ කියලා විශ්වාස කරන සියලුම අකීකරු පුත්‍රයින් ශ්‍රී ලාංකික පුත්‍රයින් බවට නැවත පත්කර ගනිමු. ඔවුන්ට රක්ෂණය ලබාදීමට මේ නත්තල කැපකරමු’යි කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.. යනුවෙන් පැවසීය.
මේ අවස්ථාවට අයිවන් පෙරේරා පියතුමා, අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.