මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණ අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 4 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමට අඩි 8 ක් දක්වා ආසන්න වි ඇති බවයි එම විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන්, ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමසුරෙන්ද්‍ර යන ජල විදුලි බාලාගර වල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බවයි විදුලි බලාගාර ඉංජිනේරුවන්ද කියා සිටියේ.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් (20) දින පස්වරුවේ ස්වයංක්‍රියව විවෘත වි තිබු ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුව අද (21) දින අලුයම වන විට ස්වයංක්‍රියවම වැසි ඇත.
එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණ හොත් ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටිය යුතු බව ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.