Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කලාවැවේ අවදානම් තත්ත්වයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කලාවැවේ හදිසි වාන් දොරටුක් අඩි 18 දක්වා උපරිම අගයට විවෘත කර තිබේ.

කලාවැවෙන් පිටවන ජල ධාරිතාවයට වඩා වැඩි ජල ප‍්‍රමාණයක් මේ වනවිට කලාවැවට එක්වෙමින් තිබීමෙන් කලාවැව ආශ‍්‍රීතව හදිසි අවදානම් තත්ත්වක් මතුවී ඇත.

කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාල ප‍්‍රකාශකයකු පැවසුවේ කලාවැව ආශි‍්‍රත ප‍්‍රදේශවලට තවදුරටත් වැසි ලැබෙමින් පවතින බවයි. කලාවැවේ හදිසි වාන් දොරටු මේ වනවිට උපරිම අගයට විවෘත කර තිබේ.

වැවෙන් පිටවන ජල ප‍්‍රමාණයට වඩා වැඩි ජල ප‍්‍රමාණයක් මේ වනවිට කලාවැවට එක් වෙමින් පවතින නිසා කලාඔය දෙපස ජීවත්වන පිරිස්  දැඩි අවධානයෙන් සිටින්නැයි කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙයි.

Scroll to Top