Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නාය අවදානමක් හේතුවෙන් 335ක් ඉවතට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තද වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටරත්මලේ සහ කහගොල්ලෙ පවුල් 77ක පුද්ගලයින් 335ක් ආරක්ෂිතව ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

තාවකාලිකව රඳවා ඇති පිරිසට පිසූ ආහාර ඇතුළු සහන ලබාදීමට කටයුතු  කරමින් ඇතිබවද හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදාකළමනාකරණ අංශය පවසයි.

කෙටි කාලයක් තුළ අධික වර්ෂාවක් ලැබීමත් සමග භූමියේ නායයාමේ පූර්ව ලක්ෂණ මතුවූ බැවින් මෙසේ පුද්ගලයින් පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

Scroll to Top