නව කැලණි පාලමෙන් අධිවේගී මාර්ගයට සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් හේතුවෙන් නුවර – කොළඹ මාර්ගයේ ධාවනය වන රථවාහන ලබන වසරේ ජනවාරි 20 වැනිදා තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීම් කරයි.
සැහැල්ලු රථවාහන සහ බස් රථ සඳහා නුවර පාරේ වෙදමුල්ල වටරවුමෙන් දකුණට හැරී කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ නව කැලණි පාලම භාවිත කරමින් බේස්ලයින් මාර්ගය භාවිත කර, දෙමටගොඩ හා බොරැල්ල ආදී ප්‍රදේශවලට ගමන් පහසුකම් සලසා ගත හැකි බවත් ලොරි රථ සහ කන්ටේනර් රථ කඩවත අන්තර් හුවමාරුව භාවිත කර කෙරවලපිටිය දක්වා පැමිණ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයෙන් පෑලියගොඩින් දකුණට දමා පෑලියගොඩ – පුත්තලම මාර්ගය ඔස්සේ නවලෝක වටරවුමෙන් දකුණට දමා ජපන් මිත්‍රත්ව පාලම හරහා කොළඹ වරාය පිවිසුම් මාර්ගයට හා සුගතදාස ක්‍රීඩාංගණ මාර්ගය ඔස්සේ කොළඹ කොටුව ප්‍රදේශවලට ප්‍රවේශ වන ලෙසද එම අමාත්‍යාංශය දන්වා ඇත.
මීට අමතරව අධිවේගී මාර්ගය භාවිත කිරීමට නොහැකි සියලු රථවාහන මහර හා කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවලින් වත්තල හරහා කොළඹ – පුත්තලම මාර්ගයට ප්‍රවේශ වී, ජපන් මිත්‍රත්ව පාලම භාවිත කර කොළඹ ප්‍රදේශයට ප්‍රවේශ වන ලෙසද මහාමාර්ග අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.