ප්‍රංශයේ පැරිස් නුවරදී නත්තල් සියා ලෙසින් සැරසුණු තරගකරුවන් 4000කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් දැවැන්ත (10km) මැරතන් තරගයක් පැවැත්වුණි.
වාර්ෂිකව පැවැත්වෙන මේ තරග ඉසව්ව “Christmas Corrida”, ලෙස හැඳින්වෙයි.
මේ වසරේදී යූරෝ 11 000ක මුදලක් ලියුකේමියා පිළිකා වැනි මාරාන්තික රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන ළමා පුණ්‍යායතන හතරකට පිරිනැමීමට නියමිතයි.