ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්රියාත්මක කෙරෙන නගර අලංකරණ වැඩසටහනට සමගාමිව හැටන් නොර්වුඩ් පොලිසිය අසල ආරක්ෂිත පැති බැම්මක බිතු සිතුවම් නිර්මාණය කිරිමට පෙර එම ප්රදේශයේ තරුණ තරුණියන් එක් වි සුදු තින්ත ආලේප කර තිබුණි.
සුදු තින්ත ආලේප කර තිබු ආරක්ෂිත පැති බැම්මේ කිසියම් පිරිසක් විසින් කලු පැහැති තින්ත ආලේපයකින් ප්රදේශයේ පාසලක නමක් නමක් ඇද තිබෙන බවයි නොර්වුඩ් ප්රදේශයේ තරුණ තරුණියන් කියා සිටින්නේ.
බිතු සිතුවම් නිර්මාණය කිරිම සදහා සුදානම් කර තිබු එම ආරක්ෂිත බැම්ම තවත් පිරිසකට චිත්ර නිර්මාණය කිරිම සදහා වෙන් කර ගැනිමට හෝ එම ආරක්ෂිත පැති බැම්මේ ප්රදේශයේ තරුණ තරුණියන් විසින් නිර්මාණය කිරිමට සැලසුම් කර තිබු බිතු සිතුවම් ඇදිම කඩාකප්පල් කිරිමට දැරු උත්සහයක් බවයි නොර්වුඩ් ප්රදේශාවාසින් කියා සිටින්නේ.