පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේදී පහළ දැමීමට අපේක්ෂා කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරයි.
ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රුපියල් 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර කිරීමට රජය ගත් තීරණයෙහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අරමුණෙන් එය සිදු කරන බවයි.
විශේෂ ගැසට් නිවේදනයක් මගින් දෙසැම්බර් 14 වැනි දා සිට ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයට රුපියල් 8 ක විශේෂ වෙළෙඳ බද්දක් ක්‍රියාත්මක වේ.