ජාත්‍යන්තර තේ දිනයට සමගාමිව තේ දින උත්සවයක් හැටන් නගරයේදි පැවැත්විය.
ඊයේ (15) යෙදි ඇති ජාත්‍යන්තර තේ දිනයට සමගාමිව තේ දින පෙලපාලියක් සහ උත්සවයක් හැටන් නගරයේදි පැවැත්විණ.
ශ්‍රි ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය විසින් සංවිධානය කර තිබු තේ දින උත්සවයට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වතු කම්කරුවන් සහ ඔහුන්ගේ පවුල් වල සමාජිකයන්ද සහභාගි වි සිටිහ.
ජිවත්විමට සරිලන වැටුපක් සහ වෘත්තියට ආදාල ගරුත්වයක් වතු කම්කරුවන්ට ලබාදෙන ලෙස තේමා කරගනිමින් 2019 වසරේ තේ දින උත්සවය පවත්වනු ලැබුහ.
වතු කම්කරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් වතු කම්කරු අයිතින් දිනා ගැනිම සදහා ලියන ලද පෝස්ටර් අතතිව හැටන් නගරයේ මල්ලිඅප්පුව නගරයෙන් ආරම්භ කල පෙලපාලිය හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාව වෙත පැමිණ එහිදි තේ දින උත්සවය පවත්වනු ලැබිය.