ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කරන නගර අලංකරණ වැඩසටහනට සමගාමිව වතුකරයේ තරුණ තරුණියන් පිරිසක් එක් වි ජාතික සමගිය සහ සියළු ජාතින්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන බිතු සිතුවම් පෙලක් හැටන් නගර මධ්‍යයේ නිර්මාණය කර ඇත.
හැටන් නගර මධ්‍යයේ පිහිටි ශ්‍රි ලංකා ටෙලිකොම් කාර්යයාලය ඉදිරිපිට ආරක්ෂිත පැති බැම්මේ එම බිතු සිතුවම් වතුකරයේ තරුණ තරුණියන් විසින් නිර්මාණය කර ඇත.
හැටන් නගරය සාම නගරයක් වශයෙන් හැදින්වෙන අතර හැටන් නගරයේ පදිංචි සිංහල දමිල මුස්ලිම් සහ කතෝලික ජනතාව ඉතා සහෝදරත්වයෙන් සහ සහජිවනයෙන් ජිවත් වෙයි.
ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ උපදෙස් පරිදි හැටන් දික්ඔය නගර සභාවේ අනුග්‍රහය යටතේ වතුකරයේ තරුණ තරුණියන් විසින් මෙම බිතු සිතුවම් නිර්මාණය කර ඇත.