Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගෝලීය උණුසුම පාලනය කිරීම සම්බන්ධව නායකයෝ වගකීමෙන් පහැර හරී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ස්වීඩන් ජාතික දැරියක වන 16 හැවිරිදි වියේ සිටින ග්‍රේටා තන්බර්ග් පවසන්නේ ලෝක නායකයන් තමන්ගේ වගකීමෙන් පළා යමින් සිටින බවයි. වසර 2020 ක්‍රියාකාරී වර්ෂයක් විය යුතු බවද ඇය කීවාය. ‘අනාගතය වෙනුවෙන් සිකුරාදා’ යන්න තේමා කරගනිමින් ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතා රැළියකදී ඇය මෙසේ කීවාය.

මේ ප්‍රශ්නය (ගෝලීය උණුසුම ඉහළ යාම) පටන් ගත්තේ අපි නෙවෙයි. ඒ නිසා වැඩිහිටියන් විසින් ආරම්භ කරන ලද මේ ප්‍රශ්නය ඔවුන්ම විසඳන්න ඕනේ… ඒක අපි වෙත පැවරීම සාධාරණ නෑ

වැඩිහිටියන් හැසිරෙන්නේ හෙට කියලා දවසක් නෑ වගේ…ඒත් හෙට කියලා දවසක් තියෙනවා. ඒක තරුණ පරම්පරාව වන අපටයි. හෙට දවසේ ජීවත් වෙන්නේ අපියි….ඒ වෙනුවෙන් සටන් වැදීමට අපට සිදුවෙලා තියෙනවා

හෙට කියන දවස දෙන පලියට බාරගන්න අපට බෑ” යයිද ඇය කීවාය.

 

Scroll to Top