ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ස්වෙච්ඡාවන් ඉදිරිපත් වි තරුණ තරුණියන් සහ ප්රදේශවාසින් එක් ව සිදු කරනු ලබව නගර අංලකරණය වැඩසටහනට සමගාමිව ගම්පොල නගරයේ තරුණයන් තරුණියන් පිරිසක් සහ ප්රදේශවාසින් එම සංකල්පය ක්රියාත්මක කිරිමට ඉදිරිපත් වි ඇත.
ගම්පොල ශික්ෂණ රෝහලේ ආරක්ෂිත පැති බැම්මේ නිර්මාණය කරනු ලබන බිතු සිතුවම අඩි 300 දිගකින් සහ අඩි 15 පමණ උසක වපසරියක් යුතු නිර්මාණයක් බවයි එම බිතු සිතුවම් නිර්මාණය කරන තරුණ තරුණියන් කියා සිටියේ.
ගම්පොල නගරයේ තරුණ තරුණියන් සහ ප්රදේශවාසින් විසින් ගම්පොල ශික්ෂණ රෝහලේ ආරක්ෂිත පැති බැම්මේ සහ ගම්පොල පෞද්ගලික බස් නැවතුම්පොලේ අලංකාරවත් බිතු සිතුවම් සහ අලංකාරවත් චිත්ර නිර්මාණය කිහිපයක් නිර්මාණය කරන අයුරු.