Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පරදින බදුල්ල දිනන දිස්ත්‍රික්කයක් බවට අපි මෙවර පත් කළා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පරදින බදුල්ල දිනන දිස්ත්‍රික්යක් බවට අපි මෙවර පත් කළා ඒ නිසාම අපේ දිස්ත්‍රික්කයට දැන් විශේෂ ස්ථානයක් හිමි වෙලා තියෙනවා

බදුල්ල රජ මාවත ඉදි කිරීම කොස්ලන්ද මාර්ගය සංවර්ධනය හා බදුල්ලේ තියෙන කසල ගොඩ ඉවත් කිරීම යන ප්‍රධාන ව්‍යාපෘති තුන ඉදිරියේදී කඩිනමින් ආරම්භ කරනවා.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ බදුල්ල රජ මාවත කැරලි කරුවෝ ව්‍යාපාරය සංවිධානය කර තිබු උත්සවයකට ඌව පරණගම මස්පැන්න ප්‍රදේශයේදී එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කලේය

දැන් තමුන්නාන්සේලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දුන්න ඡන්දය අහක ගිහිල්ලා නැහැ .මොකද එතුමා දිපු පොරොන්දු කෙටි කාලයක් තුළ ඉටු කරලා තියෙනවා.අද වන විට සුළු අපනයන භෝග වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා.

ගම්මිරිස් වල මිල එදා ඡන්දයට ඉස්සෙල්ලා රුපියල් 380 යි 400 යි .දැන් රුපියල් 800 දක්වා ඉහල ගිහිල්ලා තියෙනවා.සිංහල අවුරුද්ද වෙන කොට තවත් ඉහළ යයි.දැන් හෙට අනිද්දා වන විට පොහොර සහනාධාරය කෘෂි කර්මාන්තයට ලැබෙනවා.තේ කර්මාන්තයට ලැබෙනවා.දැන් අපිට මේ සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්න තවම බැහැ.

මොක ද අපිට පාර්ලිමේන්තුවේ බහුතරයක් තවම නැහැ.19 වන ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථා සංශෝධනය යටතේ අපිට මාර්තු මාසේ 01 වැනිදා වෙනකල් පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ.අපි පාර්ලිමේන්තුව විසුරුවලා අප්‍රේල් මාසය වන විට පාර්ලිමේන්තු ඡන්දය තියලා බහුතරයක් ගන්න ඕන.ඊට පස්සේ ස්ථාවර බහුතරයක් ආසන සහිත රජයක් පත් කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශක්තිය දිය යුතුයි.ස්ථාවර ආණ්ඩුවක් හැදුවාට පස්සේ අය වැයක් ඉදිරිපත් කළ යුතුයි.

එතකොට මේ සංවර්ධන වැඩ කටයුතු කරන්න පුළුවන්.දැන් බදුල්ලේ අපි හදුනා ගත්ත ප්‍රමුඛතා ව්‍යාපෘති ප්‍රධාන ඒවා තුනක් තියෙනවා.ඒවා සිල්ලර ඒවා නෙවෙයි .ඒවා මහා පරිමාණ ව්‍යාපෘතියි.රජ මාවත ඉදි කිරීම කොස්ලන්ද මාර්ගය සංවර්ධනය හා බදුල්ලේ තියෙන කසල ගොඩ ඉවත් කරන්න ඕන.මේ ව්‍යාපෘති තුන කියන්නේ මහා පරිමාණ ඒවායි.ප්‍රමුඛතාවය දෙන්නේ මේ ව්‍යාපෘති තුන සදහායි.

මේ සියල්ල කරන්න අපි බහුතරයක් සහිත අපේ ආණ්ඩුවක් හදන්න ඕන.ඒ සදහා තමුන්නාන්සේලාගේ වගකීම ඉටු කරන්න ඕන.ඔබගේ සහයෝගය මේ සදහා අවශ්‍යයි.මේ ව්‍යාපෘති තුන කඩිනමින් ඉටු කර දෙන්න කියලා මහා භාණ්ඩාගාරයෙන් අගමැතිතුමාගෙන් මම ඉල්ලනවා.

මේවාට මුදල් වෙන් කර ගන්න වෙනවා.වෙනත් දේශපාලඥයෝ වගේ හරි හරි ඒක මම කරලා දෙන්නම් කියලා කියන්න බැහැ.මොකද මේවාට මුදල් වෙන් කර ගන්න ඕන.ඒක කරන්න පුළුවන් ශක්තිය මට තියෙනවා.මම යථාර්ථවාදී දේශපාලඥයෙක්.ඒත් මේවා කරන්න නම් ඉදිරි අය වැය එන්න ඕන. වගකිව යුතු දේශපාලඥයෙක් විදිහට මම කරන්න බැරි දෙයක් කියන්නෙත් නැහැ .

කියපු දෙයක් නොකර ඉදලත් නැහැ.අපේ දිස්ත්‍රික්කයට දැන් විශේෂ ස්ථානයක් හිමි වෙලා තියෙනවා.වෙනදා මේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්නේ නැහැ පරදිනවා.ඒත් මෙවර මේ දිස්ත්‍රික්කය අපි දිනුවා.දිනන දිස්ත්‍රික්කයක් බවට මම මේ දිස්ත්‍රික්කය පරිවර්තනය කලා.මම එදා යථාර්ථවාදී තිරණයක් ගත්තා .

මම ප්‍රසිද්ධියේම කිවුවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙන්න ඕන කියලා.ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් විදිහට තීරණය කළා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහාය දිය යුතුයි කියලා.ඒ සහායත් එක්ක එතුමාගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වුණා.

අපි එහෙම සහාය දුන්නේ නැත්නම් ලක්ෂ හතක් අටක් අඩු වුණා නම් ජයග්‍රහණය ලේසි වෙන්නේ නැහැ.කවුරු මොනවා කිවුවත් යථාර්ථය ඒකයි .අපි එතුමාගේ ජයග්‍රහණයට මුලික වශයෙන් දායක වුණු අයයි.මේ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අපි විශාල ලෙස වැඩ කළා .ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට දස ලක්ෂ විසි දාහක් ලබා දුන්නා.

ඒ වගේම බදුල්ල රෝහලට දස ලක්ෂ විසි දාහක් ලබා දුන්නා.බදුලු ඔය හරස් කරලා වැවක් හදලා බදුල්ල බණ්ඩාරවෙල දෙමෝදර ජල ව්‍යාපෘතිය සදහා රුපියල් දස ලක්ෂ දහ දාහක් ලබා දුන්නා.ඒ වගේ මහා පරිමාණ ව්‍යාපෘති අපි මේ දිස්ත්‍රික්කයට ලබා දුන්නා.ඉදිරියේදීත් අපි මේ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ව්‍යාපෘති දියත් කරන්න කැප වෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Scroll to Top