මෙරට භික්ෂුණි ශාසනයේ ආරම්භය ඇතුළු සිදුවීම් රැසක් අද වැනි දිනෙක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සිදුවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනකයි.
වසරේ අවසන් පොහෝය වන්නේත් උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයයි.
අදට යෙදී ඇති උදුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ වන 2019 -2020 ශ්‍රී පාද වන්දනා සමය මාස 6 ක කාලයක් පුරා පැවැත්වෙන අතර ලබන වසරේ වෙසක් පුන් පොහෝ දිනෙන් ශ්‍රී පාද වන්දනා සමය අවසන් අවසන් වනු ඇති.
ලෝකවාසී ජනතාවගේ අපමණ ගෞරවයට එවක් පටන් යොමු වූ ශ්‍රී පාදස්ථානය වර්තමානයේ දී මෙන්ම අනාගතයේ දී ද ලෝක උරුමයන් අතර අතිපූජනීය මෙන්ම වන්දනීය පුදබිමක් වේ.
පැරැණි සිරිතට අනුව සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමා වහන්සේ මහත් පුද පෙරහරෙන් ගෞරවයෙන් සිරිපා මළුවට වැඩමවා පහන් දල්වා, සුවඳපැනින් පද්මය දෝවනය කර පැරැණි සිරිත් අනුගමනය කර වන්දනා වාරය ආරම්භ වනු ඇත.
කවර කෙනකුට වුව ද, මහත් කරුණාවෙන්, ඕනෑකමෙන් සුමන සමන් දෙවි කරුණාවත් ප්‍රාර්ථනා කිරීම හෙළ සංස්කෘතියේ අභිමානය පෙන්වන මහඟු අවස්ථාවකි.
ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සිරිපා වන්දනාවට පැමිණෙන සියලු දෙනාට ආශීර්වාදය සැලසේ.
මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමඟ පොලිස් නිල සුනඛයින් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.
පරිසරය ආරක්ෂා කිරීමට මූලිකත්වය දෙමින් සිරිපා කරුණා කරන ලෙස ශ්රීපාදස්ථානාධිපති නාහිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.