Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රභූ ආරක්ෂාව – සෙබලුන් 4,000ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාකිස්තානයට එරෙහිව රාවල්පින්ඩි නුවරදී මේ මස 11 වැනිදා ආරම්භ වන ඉතිහාසගත ටෙස්ට් තරගාවලියකට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පාකිස්තාන රජය විසින් රාජ්‍ය අමුත්තන්ට පිරිනමන ඉහළම උණුසුම් පිළිගැනීමක් පිරිනමයි.

පාකිස්තාන රජය පොරොන්දු වූ පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙඩි නොවදින රථ පෙළකින් සමන්විතව ඉහළ මට්ටමේ පෙළේ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී ඇති අතර පළමු ටෙස්ට් තරගය හෙට ආරම්භ වන රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට පමණක් පන්ජාබ් පළාතේ පොලිස් නිලධාරීන් සහ පාකිස්තාන යුද හමුදා සෙබලුන් ඇතුළු ආරක්ෂක සේනාවට 4,000 කට වැඩි පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇත.

ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගාවලිය මෙය වීම නිසා මෙම තරගාවලිය අපිට ඉතාමත් වැදගත් තරගාවලියක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම අපේ ටෙස්ට් කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගි වෙන්නේ වසර 10 කට පසුවයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 2009 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණ දීමෙන් පසුව පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව ද මෙය වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය 11 සිට 15 වැනිදා දක්වා රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 19 සිට 23 දක්වා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

Scroll to Top