ෆින්ලන්තයේ හිටපු අගමැති අන්ටිරිනේ ධුරයනේ ඉල්ලා අස්වීමත් සමඟ පක්ෂ විසින් නව අගමැති ලෙස ලොව ලාබාලතම අගමැති වශයෙන් ෆින්ලන්තයේ සැනා මාරින් තේරී පත්විය. ඇයගේ වයස අවුරුදු 34කි.
සමාජ, ප්රජාතන්ත්රවාදී පක්ෂය නියෝජනය කරනු ලබන ඇයමේ සතියේ දී දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පක්ෂ පහකින් සැදුම්ලත් ෆින්ලන්ත සභාග රජයේ පක්ෂ හතරකම කාන්තාවෝ නායකත්වය දරති.
වයස අවුරුදු 27 දී ඇගේ උපන් ගම වන ටැම්පෙරේ නගර සභාවේ ප්‍රධානියා ලෙස සානා තේරී පත්විය.
එතැන් සිට ෆින්ලන්ත දේශපාලයේ වේගවත් ගමනක් යෑමට ඇයට හැකිවූ අතර 2015 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූවාය.
මගේ වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය ගැන කිසි විටෙකත් සිතුවේ නැත.
මම දේශපාලනයට පිවිසීමට හේතු සහ ඡන්දදායකයින්ගේ විශ්වාසය දිනාගත් කරුණු ගැන පමණක් සිතන බව ඇය පවසයි.
ලොව බලයේ සිටින ලාබාලතම අගමැති බවට ඇය පත්විමට නියමිතයි.