Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තේ වත්තක අනවසරෙන් මැණික් ගරා වැඩ වරදියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරු සැකකරුවන් පස් දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ තේ පදුරු මැද විශාල වලවල් හාරා විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් සමත් වි ඇත.

සැකකරුවන් සමග මැණික් ගැරිමට යොදාගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් හරා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව චැපල්ටන් වතුයායේම පදිංචිකරුවන් බවත්, ඔවුන් අවුරුදු 35 – 50 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , ඔහුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කර ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

Scroll to Top