පිරිමි සිව් දරු උපතක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී පසුගියදා සිදුව ඇත.
අලවතුගොඩ, උඩගම පදිංචි උදයංගනී ජයසූරිය මහත්මිය මෙම සිව් දරු ප්‍රසූතිය සිදු කර තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් ඇයට ප්‍රතිකාර කරන අතර දරුවන් සිව් දෙනාම නිරෝගී තත්ත්වයෙන් පසුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම දරු උපත පිළිබඳව බලවත් ප්‍රීතියට පත් වන බවත් ධෛර්යයෙන් යුතුව දරුවන් රැක ගැනීමෙහි කටයුතුවල නිරත වන බව දරුවන්ගේ පියා වන නලින්ද විජේතුංග මහතා පවසයි.