13 වන දකුණු ආසියානු ක්රීඩා උළෙලේ දී මළල ක්රීඩා අංශයෙන් රන් පදක්කම් 15ක් දිනාගනිමින් ශ්රී ලංකාව වසර 28කට පසු දකුණු ආසියාවේ පෙරමුණ ගැනීමට සමත් වි තිබේ.
1991 වසරේ මෙරට දී පැවති 05 වන දකුණු ආසියානු ක්රීඩා උළෙලේ දී ශ්රී ලංකාව රන් පදක්කම් 15ක් දිනාගෙන තිබුණි.ඒ අනුව ශ්රී ලංකාව මලල ක්රීඩාවෙන් රන් පදක්කම් 15ක් දිනා සිටින අතර 1991 න් පසු ඔවුන් එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු අවස්ථාව මෙයයි.
ක්රීඩා උළෙලේ දක්ෂතා දැක්වූ ක්රීඩක ක්රීඩිකාවන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයකින් සුබ පතා තිබේ.
ඉන්දියාව රන් පදක්කම් 89 ක්, රිදී පදක්කම් 66 ක් සහ ලෝකඩ පදක්කම් 31 ක් සමගින් සමස්ත පදක්කම් 186 ක් ලබාගෙන පළමු තැන හිමිකර ගෙන ඇති අතර,
නේපාලයේ දෙවන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කම් 42 ක් රිදී පදක්කම් 29 ක් සහ ලෝකඩ පදක්කම් 55 ක් සමගින් පදක්කම් 126 ක් හිමිකර ගෙන ඇති අතර,
දකුණු ආසියානු ක්රීඩා උළෙලේ රන් පදක්කම් 29 ක්, රිදී පදක්කම් 49 ක් සහ ලෝකඩ පදක්කම් 74 ක් සමග සමස්ත පදක්කම් 152 ක් මේ වනවිට ලබාගෙන ඇති ශ්රී ලංකාව 3 වන ස්ථානයේ පසුවනවා.
මේ අතර, මෙවර දකුණු ආසියානු ක්රීඩා උළෙලේදී මලල ක්රීඩා ඉසව්වලින් රන් පදක්කම් 15 ක් ලබාගත් ශ්රී ලංකාව, වසර 28 කට පසු ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් පසුකර යෑමට සමත්ව සිටීමද විශේෂත්වයක්.