Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු, මධ්‍යම සහ උතුරු පළාත්වලට රතු නිවේදන

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු, මධ්‍යම සහ උතුරු පළාත්වල පවතින වැසි තත්ත්වය අද(08) සිට 10 වෙනිදා දක්වා තවදුරටත් වැඩි වේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තු පවසයි.

අම්පාර, මඩකලපුව, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 200 පමණ ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි, වව්නියාව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100-150ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තු පවසයි.

එමෙන්ම කුරුණෑගල, පුත්තලම, රත්නපුර, මහනුවර, කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75-100ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සදහන් කරයි.

Scroll to Top