ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඵෙතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වි ධාතු මන්දිරය වැඳපුදාගෙන මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබාගත්තේය.
රටට එරෙහි සියළු අභියෝග ජය ගනිමින් මාතෘ භූමියේ ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙස ජනතාව ආදරයෙන් බලා සිටින බව විද්‍යාලංකාර පරිවෙනාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් සදහන් කරයි.
කැලණිය රජමහා විහරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු මහා සංඝරත්නය ජය පිරිත් සඡ්ඡායනය කරමින් ජනාධිපතිවරයා වෙත ආශීර්වාද කළේය.