ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩිකාවන්ගේ වසරේ දස්කම් ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ක්‍රිකට් සම්මාන රාත්රියේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව වශයෙන් චමරි අතපත්තු සම්මාන දිනාගත්තාය. එහෙත් වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය පිරිනැමීම සඳහා සුදුසු ක්‍රීඩකයකු ජාතික තේරීම් කමිටුවෙන් නිර්දේශ කර නොතිබිණ.
හේතුව අවශ්‍ය ප්‍රමාණයට ක්‍රීඩකයන්ගේ දස්කම් නොතිබීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම ගෙවී යමින් පවතින වසරේදී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණ කිහිපය හැරෙන්නට එක්දින සහ විස්සයි-20 තරග ක්ෂේත්‍ර දෙකේදීම මුහුණ දී සිටි කඩා වැටීම බැලූ කල්හි එය පුදුමයට කාරණාවක්ද නොවේ.
ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරන ලද විශිෂ්ඨතම සේවාව අගයමින් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ඇගැයීම් සම්මානයෙන් ඩේලි මිරර් පුවත් පතේ ශාමිල් අමිත් සහ හිටපු ප්‍රවීන විස්තර විචාරකයකු වන කමල් දේශප්‍රිය යන මහත්වරු පිදුම් ලැබූහ.