බණ්ඩාරවෙල ආසනය තුල පවතින උග්‍ර ජල හිගය සදහා කඩිනම් විසදුම් ලබා දීම සදහා ලක්ෂ 600 ක මුදල් ප්‍රතිපාදන පියරපන්දෝව, අඹගස්දෝව, ගෝණමොටාව හා කරදගොල්ල ජල යෝජනාක්රමවලට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ප්‍රතිපාදන වෙන් කර ඇත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාව සදහා ප්‍රධාන කළමණාකරු R.U.රුවිනිස් මහතා, ඌව පළාත් අධ්යක්ෂ රුවන් ලියනගේ මහතා හා WASIP ව්‍යාපෘති අධ්යක්ෂ N.U.රණතුංග මහතා සමග පස්වන විධායක ජනාධිපති හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික ලේකම් ගරු උදිත් ලොකුබණ්ඩාර මැතිතුමා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විය.