Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට සූදානම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසමත්කමක් යැයි ද පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලැබුණහොත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හින්දුපුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත.

“19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් අසමත්.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබුණොත් අපි එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා.

දමිළ ජනතාවට යහපත් ජිවිතයක් ලබාදීම පිළිබඳව සිංහල ජනතාවගේ ද කිසිඳු විරෝධයක් නොමැති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, උතුර සහ නැගෙනහිර සම්බන්ධයෙන් තමන් ගන්නා සංවර්ධන ක්‍රියාමාර්ග ගැන තවත් වසර 05කින් විනිශ්චයක එළැඹීමට සැමට අවස්ථාව උදා වන බවයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ ඇති වැරදි වැටහීම් වළක්වා ගැනීම සඳහා අවංකව සහ මුලිකත්වය ගෙන තමන් කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Scroll to Top