දුම්රියේ සිඟමන් යදින්නන් ඇල්ලීම ඊයේ (01) සිට ආරම්භ කළ බවත්, ඊයේ වැටලීම්වලින් දුම්රියේ සිගමනේ යෙදී සිටි යාචකයින් 10 දෙනකු අත්අඩංගුවට ගත් බවත් දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර පේ‍්‍රමරත්න මහතා පැවසීය.
මෙම යාචකයින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රියවලදී අත්අඩංගුවට ගෙන ඇතැයිද හෙතෙම කීය.
මෙහිදී තවදුරටත් කතා කළ අනුර පේ‍්‍රමරත්න මහතා හිඟන්නන්ගෙන් වන හිරිහැර ගැන වැඩිපුරම පැමිණිලි කරන්නෙත් දුම්රිය මගීන්. ඒ වගේම හිඟන්නන්ට මුදල් දීලා, අනවසර වෙළෙඳුන්ගෙන් බඩු අරන් ඒ අයට ආධාර අනුබල දෙන්නෙත් දුම්රිය මගීන්. මේ නිසා දැන් ඉඳන්වත් මේ හිඟන්නන්ට සල්ලි දීම හා අනවසර වෙළෙඳුන්ගෙන් බඩු ගැනීම දුම්රිය මගීන් නතර කළ යුතු යැයි පැවසීය.
සිය ජංගම දුරකථන අංකය 0714-405720 ට මේ ගැටලූව ගැන පැමිණිලි කළ හැකි බවද හෙතෙම කීය.
සබැදි පුවත්
– දෙසැම්බර් 01 වෙනිදා සිට දුම්රිය තුල සිගමන් යදින්නන්ට දැඩි දඬුවම්
– දුම්රිය මගීන් 30 දෙනෙකුට 91,200ක් දඩ