නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින චීන යුද්ධ හමුදාවේ (පීඑල්ඒ) මේජර් ජෙනරාල් එල්අයියූ රෙන්ෂියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් යුධ විද්‍යා විද්‍යාපීඨයේ හය දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න මහතා නිල වශයෙන් හමුවීම එම කාර්යාලයේදී සිදු කෙරුණි.
සිය ධූර කාලය අවසන් කළ ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂක ජ්‍යෙෂ්ඨ කරනල් ෂු ජියැන්වේග් මහතාද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
පැමිණ සිටින පිරිස වෙත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සංවිධානය සහ ශ්‍රී ලංකාවේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්ද මෙහිදී සිදුවිය.
මෙම හමුවීමේ දී දෙරටෙහි ආරක්ෂාව හා පුහුණුවීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡාව පැවැත් වූ අතර, මෙම නිල හමුව අවසානයේ සමරු සිහිවටන හුවමාරුවක් ද සිදුකෙරුණි.