අද(2) පෙරවරු 08 .30ට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට නියමිත අතර මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 7,17,008 දෙනෙකු දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී ලබන 12 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.
අයහපත් කාලගුණ තත්ත්වයක් ඇතිවුවහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් ආසන්නතම විභාග මධ්‍යස්ථාන වෙත යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පුජිත මහතා සඳහන් කළේ, අයැදුම්කරුවෙකුට යම් බාධාවක් පවතී නම් ගතයුතු උපදෙස් පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් දැනුවත් කර ඇති බවයි.