එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.
කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය යළි ඇසුරුම් කර වෙළඳපොළට නිකුත් කරන සහ ප්‍රමිතියෙන් තොර ආහාර නිෂ්පාදනය කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.
දිස්ත්‍රික් 25ම කේන්ද්‍ර කරගනිමින් ලබන ජනවාරි 15 වැනිදා දක්වා එම වැටලීම් ක්‍රියාත්මක බවයි.