උපයන විට ගෙවීමේ බද්ද, ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් පොලී සඳහා පනවා ඇති රැඳවුම් බද්ද සහ තොරතුරු තාක්ෂණ අංශයේ සියලුම බදු නව රජය මගින් දැනට සිදුකර ඇති බදු සංශෝධනය යටතේ සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇති බව සදහන් වේ.
ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද ඉවත් කිරීමත් සමඟ ළමා ඉතුරුම් ගිණුම් සඳහා පනවා තිබූ බදු සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පනවා තිබූ සියලුම බදු අහෝසි වනු ඇති බවත් සීයයට 24 ක් දක්වා පැවති ආදායම් බදු ප්‍රතිශතය උපරිමය සීයට 18 ක් දක්වා අඩු කර ඇති බවත් සඳහන් කරයි.
ගෘහස්ත භාණ්ඩ හා නිෂ්පාදන මත පනවන ජාතික ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු මත පනවන බද්ද, බැංකු සහ මුල්‍ය ආයතන මත පනවා ඇති හර බද්ද, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය ඉලක්ක කරමින් අපනයනක ආර්ථිකයක් බිහිකිරීමට රජය සැලසුම් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.