Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නාවලපිටිය නගරයේ පරිසර ආරක්ෂණ සහ නගර අලංකරණය වැඩසටහනක් දියත් කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ අදහසක් අනුව දිවයින පුරා ක්‍රියාත්මක කරන පරිසර ආරක්ෂන සහ නගර  අලංකරණ වැඩසටහනට සමගාමිව නාවලපිටිය නගරය සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක්  සිදු කලා.

නාවලපිටිය  පොලිසියේ පරිසර ඒකකය,  නාවලපිටිය නගර සභාව එක්ව සංවිධානය කල නාවලපිටිය නගර පිරිසිදු කිරිමේ වැඩසටහනට නාවලපිටිය නගරයේ ත්‍රිරෝද රථ රියදුරන් , වෙළද ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් එක් වි සිටියා.

නාවලපිටිය නගර පුරා මාර්ගය දෙපස බැහැර කර ඇති කැලි කසල එක්රැස් කිරිම , වැල් පැලැටි ගලවා ඉවත් කිරිම සහ මාර්ග අභියස තාප්ප වල අලවා ඇති පොස්ටර් සහ දැන්විම් ඉවත් කිරිම මින් සිදු කිරිම මෙම පරිසර වැඩසටහනට සමගාමිව සිදු කලහ.

ත්‍රිරෝදරථ වල ගමන් ගන්නා මගින්ට කැලි කසල පරිසරයට මුදා හැරිමට ඉඩ ලබා නොදන ලෙසත් ප්‍රධාන මාර්ගය අභියස කැලි කසල බැහර කරන්නන්ට විරුද්ධ වන ලෙසත් එසේ කැලි කසල බැහර කරන අය පිලිබදව තොරතුරු වෙතොත් ඒ පිලිබදව නාවලපිටිය පොලිසියේ පරිසර ඒකකය වෙත දැනුම් දෙන ලෙස ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියා.

Scroll to Top