නව රජයේ පළමු කැබිනට් රැස්වීමේදී ජනතාව වෙනුවෙන් බදු සහන ගණනාවකින් යුතු පැකේජයක් අනුමත වූ බව නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන සදහන් කළේය.
සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරන බවත් ‘සෘජු බදු‘ යටතේ පුද්ගල ආදායම ඉලක්ක කෙරෙන පුද්ගල ආදායම් බද්ද සහ ලාභය ඉලක්ක කරගත් සමාගම් බද්ධත් , ‘වක්‍ර බදු‘ යටතේ භාණ්ඩ හා සේවා සහ බැංකු මූල්‍ය ඉලක්කරගත් වැට් බද්ද , විශේෂ භාණ්ඩ හා සේවා බද්ද සහ සරල රේගු ගාස්තු ව්‍යූහය ලෙසත් සමස්ථ බදු ක්‍රමය ප්‍රතිව්‍යූහ ගත කිරීම සිදු කරන බව ඇමතිවරයා පැවසීය.
බදු සහන පැකේජය
– කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු අහෝසියි
– ආගමික ස්ථාන මත අයකරන සියලු බදු අහෝසියි
– ආර්ථික සේවා ගාස්තු අහෝසියි
– බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද අහෝසියි
– විදුලි සංදේශ ගාස්තු 25%කින් අඩුවෙයි
– උපයන විට ගෙවන බදු අහෝසියි
– ණය සේවා බදු අහෝසියි
– ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා හැරෙයි
– ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු අහෝසියි
– විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු අහෝසියි
– ගෘහස්ත නිෂ්පාදන මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බදු අහෝසියි
– වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස්
– පොලී මත අයකරන රැඳවුම් බදු අහෝසියි