උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලට මිලිමීටර 150 ක් පමණ දක්වා තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඊසාන දිග මෝසම, දිවයින හරහා ස්ථාපිත වෙමින් පැවතීම ඊට හේතුවයි.
මේ හේතුවෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 100 ක් පමණ දක්වා තද වැසි ඇති විය හැකි වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි.
මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි වේ.