Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කැලි කසල රැගෙන යාමට නගර සභාවේ කම්කරුවන් මුදල් ඉල්ලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා පලාත් පාලන ආයතන වල පිහිටි ප්‍රධාන නගර වල දිනපතා එකතු වන කැලි කසල අලුයම 5.30 ට ප්‍රථම ඉවත් කරන ලෙසට කර ඇති ඉල්ලිම මත හැටන් පොලිසියේ පරිසර එක්කයේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවන් එම ඉල්ලිම ක්‍රියාවට නංවා ඇත.

හැටන් නගරයේ ආපන ශාලාවලින්, පලතුරු වෙලදසැල්වලින් සහ එලවළු වෙලදසැල් වලින් දිනපතා එක්රැස් වන කැලි කසල එම වෙලදසැල් හිමියන් විසින් මළු වලට දමා වෙලදසැල ඉදිරිපිට දිනපතා ගොඩගසා තබයි.

අලුයම 5.30 සිට පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරින්ගේ අධික්ෂණය යටතේ හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවන් 8 දෙනෙකු හැටන් නගරයේ බැහර කර ඇති කැලි කසල ඉවත් කලද වෙලදසැල් ඉදිරිපිට වෙලදසැල් හිමියන් විසින් ගොඩගසා ඇති කැලි කසල ඉවත් නොකර ගන්නා බව වෙලදසැල් හිමියන් චෝදනා කර සිටියි.

ඉහත සදහන්වෙලදසැල් වල දිනපතා ඉවත් කරන කැලි කසල ඉවත් කර ගැනිමට නගර සභාවේ කම්කරුවන් විසින් එක් වෙලදසැලකින් රු 100 සිට රු 300 දක්වා මුදලක් අය කල බවත්,  වෙලදසැල් විවෘත කිරිමට ප්‍රථම වෙලදසැල් ඉදිරිපට ගොඩ ගසා ඇති කැලි කසල ඉවත්කර ගැනිමෙන් එම මුදල කම්කරුවන්ට නොලැබෙන නිසා ඔහුන් කැලි කසල ඉවත් නොකර ගන්නා බවයි හැටන් නගරයේ වෙලද ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.




හැටන් නගරයේ ඉහත සදහන් වෙලදසැල් උදැසන 8 ත් 9 අතර දිනපතා විවෘත කරන අතර , පවත්නා නව ක්‍රමවේදය යටතේ හැටන් දික්ඔය නගර සභාවේ කැලි කසල ඉවත් කරන කම්කරුවන්ට කලින් අය කල මුදල ලබා ගැනිමට නොහැකි වි ඇති බවයි හැටන් නගරයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අප හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ වෙලදසැල් ඉදිරිපිට බැහැර කර ඇති කැලි කසල ඉවත් කිරිමට නගර සභා කම්කරුවන්ට මුදල් ලබා නොදෙන ලෙස තමන් හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ව දැනුවත් කර ඇති බවයි.

නියමිත වේලාවට ප්‍රථම ප්‍රමාද වි කම්කරුවන් විසින් කැලි කසල එකතු කිරිම සම්බන්ධයෙන් තමන් සොයා බැලිමක් සිදු කරන බවද හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියා.

Scroll to Top