Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉදිරි මාස 04ටත් කථානායක කරු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරි මාස 04ක කාලය තුළ කථානායක ධුරයේ කරු ජයසූරිය මහතා තවදුරටත් කටයුතු කරනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව වාරාවසාන කළද කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යායුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සදහන් කර ඇත.

කථානායකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන්  හෝ කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් කථානායක ධුරයේ වෙනසක් ඇති කල හැකි නමුත් . වත්මන් ආණ්ඩුවට විශ්වාසභංගය යෝජනාවක් ගෙනවිත් සම්මත කර ගැනීමට තරම් බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් නොමැති වීමත්  කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කර නොමැති වීමත් නිසා එම ධුරයේ වෙනසක් සිදුනොවන බවට සදහන් කළ හැක.

 

Scroll to Top