වැරැදි තොරතුරු ව්‍යාප්ත වීම සහ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම ආදී තර්ජනවලට පිළියම් සෙවීමට ලෝකය අසමත් වුවහොත් “ඩිජිටල් ලෝකය තුළ අයහපත් තත්ත්වයක්” නිර්මාණය වනු ඇතැයි ලෝක ව්‍යාප්ත ජාලයේ නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී අනතුරු ඇඟආ ඇත.
ලෝක ව්‍යාප්ත ජාලයේ හෙවත් වර්ල්ඞ් වයිඞ් වෙබ් නිර්මාතෘ වන ටිම් බර්නර්ස් ලී පවසන ආකාරයට ජනතාව නොමග යැවීම සඳහා වුවමනාවෙන් වැරැදි තොරතුරු සැපයීම එසේත් නැතිනම් දුස් තොරතුරු සහ ඩිජිටල් ලෝකය විශේෂයෙන්ම අන්තර්ජාලය , සමාජ මාධ්‍ය තුළ එහි පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය හානි වීම සහ පෞද්ගලිකත්වය නිරාවරණය වීම මේ වන විට බරපතළ ප්‍රශ්නයක් වී ඇත.
ටිම් බර්නර්ස් ලීගේ පදනම ඔවුන්ගේ වෙබ් අඩවියේ විශේෂ නිවේදනයක් ද නිකුත් කර ඇත.
“අපේ කාලයේ උච්චතම අවස්ථාව එළැඹ තිබෙනවා. සූරා කෑමට, අයුතු ප්‍රයෝජන ගැනීමට, බෙදීම් හා බෙදා වෙන් කිරීමට සහ පීඩාවට හා ඊට අනතුරු කිරීමට උත්සාහ කරන පිරිස්වලින් ලෝක ව්‍යාප්ත ජාලය බේරා ගත යුතුයි. එවැනි පිරිස්වලට ලෝක ව්‍යාප්ත ජාලය අවභාවිත කිරීමට ඉඩ නොදිය යුතුයි”.
ලෝක ව්‍යාප්ත ජාලය ආරක්ෂා කරගැනීම සඳහා ටිම් බර්නර්ස් ලී සහ ඔහුගේ ‘ලෝක ව්‍යාප්ත ජාල පදනම’ ‘කන්ට්‍රෑක්ට් ෆෝ ද වෙබ්’ යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කළේය. මේ වනවිට ෆේස්බුක්, මයික්‍රෝසොෆ්ට් සහ ගූගල් යනාදිය ඇතුළු සමාගම් 160 ක සහාය ඊට හිමිව ඇතැයි වාර්තා වේ.
ලෝක ව්‍යාප්ත ජාලය ආරක්ෂා කිරීම සඳහා නව ගිවිසුමක් ඇති කරගත් යුතු බවත් රටවල්, ආණ්ඩු, සමාගම් සහ තනි තනි පුද්ගලයන් කඩිනමින් පියවර ගත යුතු බවත් ඒ වෙනුවෙන් ප්‍රධාන මූලධර්ම නවයක් ක්‍රියාත්මක කළ යුතු බවත් බර්නර්ස් ලී නැවත වරක් අවධාරණයෙන් කරයි.