හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට 99 අවුරුද්දකට ඩොලර් බිලියන 1.1කට බදු දීමට අත්සන් කළ ගිවිසුම පසුගිය ආණ්ඩුව කළ අත්වැරදීමක් බවත් ඒ සම්බන්ධයෙන් යළි චීනය සමග සාකච්ඡා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.
ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ බලයට පත්වීමෙන් පසුව ජාත්‍යන්තර මාධ්‍යයක් සමග පළමු සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.
ඉන්දියවේ ස්ටැටර්ජික් නිව්ස් ඉන්ටර් නැෂනල් වෙබ් අඩිවයේ කතෘ නිතින් ගෝකලේ මහතා සමග ජනාධිපතිතුමා මේ සාකච්ඡාව කළේ ය.
ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය, ඕස්ටේ්‍රලියාව ආදී ලෝක බලවතුන්ට මම තව දෙයක් කියන්න කැමැතියි. ඔබ දන්නවා, ඔවුන් චීන මැදිහත්වීමට බයයි. ඒක තමයි ඇත්ත. චීන මැතිහත්වීම වාණිජ එකක්.
අපි පුංචි රටක්. අපේ ආර්ථිකය දියුණු කරන්න විදෙස් ආයෝජන අවශ්‍යයි. ඒ නිසා ඉන්දියාවට, ජපානයට, සිංගප්පූරුවට සහ ඕස්ට්‍රේලියාව ලංකාවට ඇවිත් ආයෝජනය කරන්නැයි මා ආරාධනා කරනවා. චීනයට විතරක් ආයෝජනය කරන්න ඉඩ දෙන්න එපා යැයි මා කියනවා.
ලංකාවට ඇවිත් ආයෝජනය කර අපට උදව් කිරීමට ඒ රටවල පෞද්ගලික සමාගම් දිරිගන්වන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒක රටකට විතරක් ඉතුරු කරලා පස්සේ කෙඳිරි ගාන්න එපා.
මා විවෘතව කියනවා. ඒ නිසා අපේ රටට ඇවිත් ආයෝජනය කරන්න. එය අපට වුවමනායි. අපි පුංචි රටක්, අපි ලොකු අයගේ ප්‍රශ්නවලට සම්බන්ධ වෙන්න ඕනෑ නැහැ. එය තේරුම් ගන්න.
අපට පීඩනය එල්ල නොකර අප තේරුම් අරගෙන මේ රටේ ආර්ථික සංවර්ධනය හා සම්බන්ධ වෙන්න.