Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජල පීඩන රොකට් තරඟයේ පිටපිටම හතරවන වරටත් ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජපානයේ සගමිහාරා නුවර,කනගාවා හිදී පසුගියදා පැවැති ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය විසින් 15 වන වරටත් සංවිධානය කළ ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ යූ. ජී. දිදුල ආදිත්‍ය ශිෂ්‍යයා  සමත්වී තිබේ.

ආසියා ශාන්තිකර කලාපීයේ රටවල් රැසක තරඟකරුවන් විශාල පිරිසක් සහභාගී වූ බවත් ඒ අතරින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වීම විශාල ජයග්‍රහණයක් බවත් ආතර් සී.ක්ලාක් ආයතනය පවසයි.

2017 වසරේ දී, 2018 වසරේදීද, 2019 වසරේ ජපානයේ පැවති තරඟයෙන් ද  පිටපිට තෙවරක්ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකීක දරුදැරියන් සමත්වීම කැපි පෙනෙන දක්ෂතාවයක් යැයි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.

Scroll to Top