ත්‍රෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්රමුඛ දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය සහ සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ඓතිහාසික අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ මත තැන්පත් කිරීම ඊයේ (25) පස්වරු 5.50ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී සහ කුරුණෑගල ඇත්කඳ පුරාණ රජමහා විහාරස්ථානයේදී මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා ප්‍රදර්ශනය කෙරුණු චූඩා මාණික්‍යය ඉකුත් 22 වැනිදා පෙරවරුවේ ස්වර්ණමාලි සෑ පුදබිමට රිය පෙරහරකින් වැඩම කරනු ලැබීය.
මහා සෑයේ කොත් වහන්සේට පලඳවනු ලැබූ රන් පාදම සහිත චූඩා මාණික්ය්ය අද(26) පෙරවරුවේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා නිරාවරණය කිරීමට කටයුතු සංවිධානය කොට ඇත.
රුවන්වැලි සෑයෙහි දැනට පවත්නා චූඩාමාණික්‍යය සහ පාදම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන පෞරාණික වස්තුවක් ලෙස එම භූමියේම මහ ජනතාවගේ වන්දනා මාන සඳහා තැන්පත් කිරීමට බලාපොරොත්තු වන බව ද රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමියෝ ප්‍රකාශ කළහ.
ශතවර්ෂ ගණනාවකට පසු මෙරට සිදුවන ඉහළම පිංකමක් වන අතර එයට කිසිඳු දේශපාලන මැදිහක්වීමක් නැතැයිද උන්වහන්සේ කීහ.
දුටුගැමුණු මහ රජු ඉදිකළ රුවන්වැලි මහාසෑය මේ දක්වා ආරක්ෂා වුණේ විවිධ රජවරුන්ගේ හා රජයන්ගේ මැදිහත්වීමෙන් සිදුකළ ප්‍රතිසංස්කරණ නිසයි.
මෙය ඉදිකිරීමේදීත් මහ රහතන්වහන්සේලා සම්බන්ධ වූ බව ථූපවංශයේ දැක්වෙනවා. එමෙන්ම මෙම කටයුත්තේදීත් ආධ්‍යාත්මික ශක්තීන් ඇති උතුමන්ගේ දැවැන්ත සෙවණැල්ල ලැබී තිබෙනවා.
සියලූ සංස්කාර ධර්මයන් අනිත්‍ය බව බුද්ධ දේශනාවයි. වත්මන් චූඩා මාණික්‍යය වසර 80ක් ආරක්ෂා වුණා. අපි අලූතින් තැන්පත් කරන මාණික්‍යය වසර 100ක්වත් පවතිනු ඇතැයි අපි විශ්වාස කරනවා.
මෙම ඓතිහාසික කාර්යය අපේ ජීවිත කාලය තුළ ඉටුකිරීමට ලැබීමම වාසනාවක්. මේ ගැන නොදැන විවේචන කර පව් පුරවා ගන්නට එපා යැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.’’