කොළඹ වාණිජ අගනුවර සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවල පවත්නා රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පොලිසියට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහා මාර්ග භාවිතා කරන පොදු මහජනයා වෙත සහන සැලසීම සඳහාත් රථවාහන හැසිරවීම සම්බන්ධ ගැටළු සඳහාද විසඳුම් ලබාදීම කෙරෙහිත් ආරක්ෂක අමාත්‍යංශය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී උපදෙස් ලබා දී ඇත.